යාපනය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ සිසුන් විසින් සංවිධානය කරන ලද වෙසක් උත්සවය මුල් කරගනිමින් මතුව ඇති තත්ත්වය පිළිබඳව පොලිසිය සහ බුද්ධි අංශ මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .
මෙම සිදුවීම කිසියම් ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව ආරක්ෂක අංශ සොයා බලමින් සිටින බවත්, දැනට සිදුකරනා විමර්ශණ අවසන් වීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් රජයට නිශ්චිත ප්‍රකාශයක් කළ හැකි වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,
“පොලිසිය ඒ ගැන කරුණු වාර්තා කළේ මට. හැබැයි සමාජ මාධ්‍ය ඔස්සේ මම දැක්කා ඒක ගැන. මම දැක්ක හැටියට ඒ ශිෂ්‍ය සංගමය නියෝජනය කරන්නෙත් දෙමළ ජාතික තරුණයින්ම තමයි. එතකොට ඔවුන්ම තමයි වෙසක් කූඩුව හදන්නෙත්. මේක යම්කිසි ආකාරයක කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියන එක පොලිසිය සහ බුද්ධි අංශය පැත්තෙන් විමර්ශනය කරයි. කරලා වාර්තාවක් ඉදිරිපත් කරයි. ඊට පසුව අපිට කියන්න පුලුවන්.”