මෝටර් රථයක් දුම්රියක ගැටේ – පියා සහ දියණිය මරුට

එඬේරමුල්ල ප්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගයක දී අද (08) අලුයම මෝටර් රථයක් දුම්රියක ගැටී තිබෙනවා.

එම අනතුරින් මෝටර් රථයේ ගමන් කළ පියා සහ දියණිය මියගිය බවයි වාර්තා වන්නේ.

මෝටර් රථ රියදුරු නොසැලකිලිමත් ලෙස මෝටර් රථය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානයේ ආරක්ෂිත රේල් ගේට්ටු නොමැති බවයි වාර්තා වන්නේ.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!