මාස පහක් ඇතුළත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වලදී 120,000 ක් අත් අඩංගුවට .

2025 ඔක්තෝබර් 30 වන දින සිට 2026 මාර්තු 12 වන දින දක්වා සිදු කරන ලද රටපුරා සිදු කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේදී සැකකරුවන් 120,752 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. ඊට අමතරව දැනට සිදුකරනා මේහෙයුම් වලට අදාලව සැකකරුවන් 2,229 දෙනෙකුට රැඳවුම් නියෝග නිකුත් කර ඇති බවද වාර්තා වේ .

පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව, අයිස් සම්බන්ධ වැටලීම් 451,122 ක් සිදු කර ඇති අතර, එමඟින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,926 ග්‍රෑම් 400 ක් අත්අඩංගුවට ගෙන ඇත .

ඊට අමතරව, හෙරොයින් සම්බන්ධ නඩු 39,956 ක් වාර්තා වී ඇති අතර, කිලෝග්‍රෑම් 931 ග්‍රෑම් 610 ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත . කොකේන් සම්බන්ධ නඩු 113 ක් හේතුවෙන් කිලෝග්‍රෑම් 14 ග්‍රෑම් 705 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර, මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය පෙති 980,381 ක් අත්අඩංගුවට ගෙන ඇත. පුනරුත්ථාපනය සඳහා යොමු කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1816 ක් බව පොලිසිය ද පැවසීය