බස් ගාස්තුව අඩු වෙයි ද? අවසන් තීන්දුව මෙන්න

පසුගිය දා සිදුකළ ඉන්ධන මිල සංශෝධනයත් සමග ලංකා සුදු ඩීසල්වල මිල රුපියල් 30කින් පහළ දැමුවා.

කෙසේ නමුත් ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (02) නිවේදනය කළා.

මීට පෙර අවස්ථාවකදීත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය කියා සිටියේ සැලකිය යුතු මුදලකින් ඩීසල් මිල පහල නොගිය බැවින් බස් ගාස්තුව අඩු කළ නොහැකි බවයි.

බස් ගාස්තු සංශෝදන සූත්‍රයට අනුව මෙවර ඩීසල් මිලේ අඩු වීම බස් ගාස්තු අඩු කිරීමට තරම් ප්‍රමානවත් නොවන බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල රුපියල් 55කින්වත් අඩු විය යුතු බවයි එම සංගම‍‍යේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ.

ජූලි මාසයේ පළමු වෙනිදාට වාර්ෂික බස් ගාස්තු සංශෝදනය යෙදී ඇති අතර ඉන්ධන මිල අඩු වීමේ වාසිය එදිනට ජනතාවට ලබා දීමට හැකිවනු ඇති බව විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!