පෞද්ගලික බැඳුම්කර හිමියෝ සිය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ යෝජනා බාරදෙති

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පුද්ගලික ණය හිමියන්ගේ කමිටුවක් සිය ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ යෝජනාව මෙරට බලධාරීන්ට යොමුකර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම කණ්ඩායමට Amundi Asset Management, BlackRock, HBK Capital Management සහ T. Rowe Price Associates යන සමාගම් වලින් සමන්විත ණය හිමියන් 30 දෙනෙකු ඇතුළත් බව එම මාධ්‍ය වැඩි දුරටත් පවසයි.

මෙම සමාගම් 30 ගෝලීයා අයෝජන සමාගම් වන අතර, ශ්‍රී ලංකාව සිය ණය ගෙවීම් අත් හිටවීම නිසා ඔවුන් මෙරට බැඳුම්කර සඳහා ආයෝජනය කළ මුදල් ලබාගැනීමට නොහැකි මෙතුවක් නොහැකි වී ඇත. ශ්‍රී ලංකාව සිය බංකොළොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු පළමු බැඳුම්කර හිමියන් ඉදිරිපත් කළ පළමු යෝජනාව මෙය ලෙස සැළකේ.

මෙම යෝජනා ඉදිරිපත් කිරීමට පෙර බැඳුම්කර හිමියන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රමුඛ ප්‍රමුඛ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සසුගියදා වොෂිංටන්හී මුනගැසී සාකච්චා කරන ලද බව වාර්තා වේ.

කෙසේ වෙතත් නව යෝජනා පිළිබදව අදහස් දැක්වීමට කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා නැති බවත්, ණයහිමි කමිටුවෙම යෝජනව ප්‍රතික්ෂේප කළ බවත්ය රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *