බැකෝ යන්ත්‍රයකට හසුවී කොඳු ඇට පෙළට හානි සිදුව සිටි පිඹුරෙකුට ප්‍රතිකාර ලබා දීම හේතුවෙන්, සතුන් ගලවා ගැනීමේ සේවාවක නියුතු ලක්ෂාන් මධුසංඛ නැමැති තරුණයාට අධිකරණය විසින් රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර ඇත .
බලපත්‍රයක් නොමැතෛව පිඹුරෙක් ලඟ තබාගැනීමේ චෝදනාවට ඔහුට මෙම දඬ මුදල නියමකර ඇත . එම නඩුව ඊයේ විභාගයට ගත අවස්ථාවේ අධිකරණය හමුවේ ඔහු එම චෝදනාව පිළිගැනීමෙන් අනතුරුව මෙම දඩය නියම කර ඇත .
නඩු විභාගය අතරතුර වනජීවී නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ පිඹුරා ‘දැඩි ලෙස ආරක්ෂිත’ සත්ව විශේෂයක් බවයි. එම කරුණු සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් රුපියල් 50,000ක දඩ මුදලක් නියම කර තිබුණා. කෙසේ වෙතත්, ලක්ෂාන් මධුසංක අවධාරණය කරන්නේ වනජීවී ආඥා පනතට අනුව පිඹුරා ‘ආරක්ෂිත’ සත්වයෙකු මිස ‘දැඩි ලෙස ආරක්ෂිත’ සත්වයෙකු නොවන බවයි.
නිලධාරීන් විසින් ඉදිරිපත් කළ වැරදි වර්ගීකරණය හේතුවෙන් තමාට ඉහළ දඩ මුදලක් ගෙවීමට සිදුවූ බව ඔහු පවසනවා. නිලධාරින් නීතිය ඉටු කළ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් තමාට නොමැති බවත් ලක්ෂාන් මධුසංඛ මාධ්‍යට පවසා ඇත.
ලක්ෂාන් මධුසංඛ ”මිනිසා” නම් යූටියුබ් නාළිකාවේ හිමිකරුද වෙයි .