පැරෂුට් පිම්ම වැරදුන විදේශිකයා රෝහලට (Video)

නෙළුම් කුළුණ මුදුණේ සිට පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනයට සහභාගී වූ විදේශ ජාතිකයෙකු පැරිෂුටය විවෘත කිරීම ප්‍රමාද වීම නිසා පහළට ඇද වැටී තුවාල සිදුවීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

නෙළුම් කුළුණ මුදුණේ සිට පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනය ඊයේ (13) ආරම්භ වූ අතර එය අද දෙවන දිනටත් පැවැත්වුණා.

මෙය සංවිධාන කර ඇත්තේ, සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ (පෞද්ගලික) සමාගම විසින්. අන්තර්ජාතික බේස් ජම්පර්ස් සාමාජිකයන් එහිදී කුසලතා ප්‍රදර්ශනය කරන බවයි වාර්තා වෙන්නේ.

වීඩියෝව මෙතැනින් බලන්න

https://fb.watch/s1ymwTQtJL

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!