පැය 24 ක් තුළ දැරියන් හත් දෙනෙක් කෙළෙසලා.

ගත වූ පැය 24ක කාලයේ බාලවයස්කාර දැරියන් 7 දෙනකු ලිංගික අතරවරයට හා අපයොජනයට ලක් ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. මීට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සිව්දෙනක්ම 17-18 යන වයසවල් පසුවන බාලයක්කරුවන් බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පවසයි.

වයස අව්රුදු 14,15,16 හා 17 යන වයස්වල පසුවන් දැරියන් මෙලෙස දුෂණයට ලක්ව ඇති බවත්, වාර්තා වු සිද්ධීන් හතෙන් හතරක් ලිංගික බලහත්කාරයෙන් බවත්, තවත් තුනක් ප්‍රේම සම්බන්ධතා මත සිදුව ඇති බව වාර්තාවේ.

පුජාපිටිය, මරදාන, කොටවෙහෙර, දුම්මලසුරිය,පදවිය,මිටියාගොඩ, යටවත්ත යන පොලිස් බල ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *