පාස්කු ප්‍රහාරයේ විමර්ෂණ තව කෙටිකලකින් අවසන් .

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන තවත් කෙටි කාලයක් තුළ සාර්ථකව අවසන් කිරීමට හැකි වනු ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සිය විස්ජ්වාසය පලකළේය .

එම විමර්ශන මේ වනවිට සැලකිවයුතු ප්‍රගතියක් සහිතව ඉදිරියට යමින් පවතින බවත්,
ඉදිරියටත් විමර්ශන නිවැරදිව සිදු කිරීම සඳහා පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියා කරන බවත් ඔහු සඳහන් කළේය .

පාස්කු ප්‍රහාරය පමණක් නොව, රට තුළ සිදු වූ සියලුම නීතිවිරෝධී ක්‍රියාකාරකම්, අල්ලස්, දූෂණ, වංචා සහ මූල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන්ද විමර්ශන පූර්ණ විනිවිදභාවයෙන් යුතුව, ජනතා විශ්වාසය ආරක්ෂා වන ආකාරයට සිදුකරන බවද ඔහු පැවසීය .

අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය .