ප්‍රදර්ශනය නිසා පේරාදෙණි සරසවියට හානියක් වුණේ නැහැ. උප කුලපති කියයි

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අවුරුදු 80 ක් සපිරීම නිමිත්තෙන් පසුගිය 01 වනදා එය මහජන ප්‍රදර්ශණය සඳහා විවෘත වූ අතර, එදින විශ්ව විද්‍යාල පරිසරයට හා එහි දේපළ වලට හානි සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රචාරයන් පලවිය.

එම සිදුවීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා කැඳවන ලද මාධ්‍ය හමුවකදී පේරාදෙණිය සරසවියේ උපකුලපතිවරයා කියා සිටියේ මහ ජනතාවගෙන් මහජනතාවගෙන් සරසවියට කිසිදු හානියක් සිදු නොවූ බවයි.

තවද, එදින පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයට දිවයිනේ නන් දෙසින් පැමිණි පාසල් සිසුවියන්, තරුණ ප්‍රජාව ඇතුළු ලක්ෂ සංඛ්‍යාත ජනතාව විසින් විශ්වවිද්‍යාල පරිසරයට කිසිදු හානියක් සිදු නොකර ඉතා සංවරව හා විනීතව විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ විවිධ අංශ නැරඹූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී ඔහු ප්‍රකාශ කළේ ‘ලක්ෂ දෙකකට අධික ජනතාවක් විශ්වවිද්‍යාලය නැරඹීමට පැමිණියා ඒ ආපු අයගෙන් විශ්වවිද්‍යාලයට හෝ එහි දේපළවලට හෝ වෙනත් කිසිම හානියක් සිදුවූයේ නැහැ ඒ ගැන සැබෑ තත්ත්වය දැක බලා ගැනීමට අවශ්‍ය අයෙක් සිටී නම් පැමිණෙන ලෙස මම සැම දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා’ යනුවෙනි.

එමෙන්ම මෙලෙස අතිවිශාල පිරිසක් පැමිණි අවස්ථාවේ ඔවුන් රැගෙන ආ තිබු ප්ලාස්ටික් අපද්‍රව්‍ය පොලිතින් මලු කඩදාසි බෑග් වතුර බෝතල් ආදී සියල්ල විශ්ව විද්‍යාල පරිසරයේ තැන තැන දමා තිබු බවත් ඒවා විශ්වවිද්‍යාල සිසු ප්‍රජාව විසින් ඉවත් කර පරිසරය තිබු ආකාරයෙන්ම පිරිසිදු කර ඇති බවයි.

ජනතාව රැගෙන ආ අපද්‍රව්‍ය තැන තැන දමා ගොස් තිබුණත් ඔවුන් විශ්ව විද්‍යාල පරිසරයට හෝ ගහ කොළකට කිසිදු හානියක් සිදුකර නොමැති බවටත් මේ පිළිබදව මෙහි පැමිණි මාධ්‍යවේදීන් කරුණු හොදින්ම දන්නා බවත්, අවශ්‍ය කෙනෙකු සිටීනම් විශ්ව විද්‍යාල පරිසරයට පැමිණ මේ පිළිබදව දැකබලා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *