පස් කණ්ඩිය තිදෙනෙක් බිළිගනී .

අහංගම, තිත්තගල්ල ප්‍රදේශයේ දී කඩාවටුන පස් කන්ඩියකට යටවීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතිබව අහංගම පොලිසිය පවසයි .

ඉදිකිරිම් වැඩ බිමක සේවය කරමින් සිටි තිදෙනෙකු මතට ඊයේ පස්වරුවේ මෙම කන්ඩියක් කඩා වැටී ඇති අතර අවට සිටි පිරිස් ඔවුන් වහා රෝහල් ගතකර ඇත . එහෙත් අනතුරින් බරපතළ තුවාල හේතුවෙන් එම තිදෙනා රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගොස් ඇත .

මෙලෙස මියගොස් ඇත්තේ පදියතලාව මොරකැටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙක් සහ මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බව පොලීසිය පැවසයි . මළසිරුරු මේ වනවිට අහංගම ග්‍රාමිය රෝහලේ තැන්පත් කර ඇත. අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.