නාමල් කරුණාරත්නගෙන් වන්දි ඉල්ලා නඩු දමන්නට කුරුණෑගල නගර සභාව තීරණය

කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න වෙතින් රුපියල් මිලියන 3.75ක මුදලක් අය කර ගත යුතු බවට වන යෝජනාවක් කුරුණෑගල මහ නගර සභාවේදී ඉදිරිපත් වී තිබේ. සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායකවරයා වන සුමේධ අරුණශාන්ත විසින් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කර ඇත.

බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරමින් පටු දේශපාලන අරමුණු නාමල් කරුණාරත්න විසින් ගොනුකළ නඩුව වෙනුවෙන් කුරුණෑගල මහ නගර සභාවට දැරීමට සිදු වූ වියදම සඳහා මෙම මුදල අය කර ගත යුතුව ඇතැයි එම යෝජනාවේ සඳහන් වෙයි . එම යෝජනාව පෞද්ගලික යෝජනවක් ලෙසින් කුරුණෑගල මහ නගර සභාවේ මාසික රැස්වීමට ඉදිරිපත්කර ඇත .

“දේශ­පා­ලන වාසි ගැනීමේ අර­මු­ණින් වත්මන් නියෝජ්‍ය ඇමැ­ති­ව­රයා එම කාල­යේදී කුරු­ණෑ­ගල මහ නගර සභාව, නග­රා­ධි­ප­තිවරයා සහ තවත් අය වග­උ­ත්ත­ර­ක­රු­වන් කර­මින් මැණ්ඩා­මුස් රිට් ආඥා­වක් ඉල්ලා අභි­යා­ච­නා­ධි­ක­ර­ණයේ නඩු­වක් ගොනු කරා . ඒ සඳහා පෙනී සිටී­මට කුරු­ණෑ­ගල මහ නගර සභා­වට නිර­ප­රාදේ වැය කිරී­මට සිදු වූ එම මුදල නියෝජ්‍ය ඇමැ­ති­ව­ර­යා­ගෙන් අය කර ගත යුතුයි.” විපක්ෂ නායකවරයා වන සුමේධ අරුණ ශාන්ත මාධ්‍යට පැවසීය .

කෙසේ වෙතත් එම ස්ථානය පුරා­විද්‍යා වටි­නා­ක­මක් නැති ස්ථාන­යක් බවට ප්‍රබල සාක්ෂි සහි­තව මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලද මෝස­මක් හේතු­වෙන් නාමල් කරු­ණා­රත්න තනා විසින් ගොනු කරන ලද නඩුව ඉල්ලා අස්ක­ර­ගන්නා ලදි . මේ තත්ත්වය මත බොරු නඩු­වක් පට­ල­ව­මින් කුරු­ණෑ­ගල මහ නගර සභා­වට නිර­ප­රාදේ වැය කිරී­මට සිදුව ඇති මහ­ජන මුදල් නියෝජ්‍ය ඇමැති නාමල් කරු­ණා­රත්න අය කර ගත යුතු බව එම යෝජනාවෙන් කියවේ .