ශ්‍රී ලංකාව භූ කම්පන සහිත කළාපයකට ඇද දමමින් නව භූ තළ මායිමක් නිර්මාණය වෙයි.

ගෙවුන මාස 4 කාලය තුළ ශ්‍රී ලංකාව කුඩා පරිමාණයේ භූ කම්පන 9 කට මුහුණ දුන් බවත්, ඊට හේතුව ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 900 ත් 1000 ත් අතර දුරකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුවීම බවත්, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්, එම්. එම්. ජේ. ඒ. අජිත් ප්‍රේමා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ එම අවදානම නිසා දැන් ලංකාවට භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවයක් ඇති බවයි.

ගෙවුන මාස 04 ක කාලයේ වාර්තා වූ භූ කම්පන වලින් බහුතරය රට අභ්‍යන්තරයේත් ඉතිරිය සාගර කළාපයේත් සිදුව ඇති බවත්.හෙටිකලක් තුළ භූ චලන 09 මෙරටින් වාර්තා වූයේ පළමු වරට බවත් භූ විද්‍යා සහ පතල් කැණීම් අංශය පවසයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ට මහාචාර්ය අතුල සේනාරත්න පවසනුයේ මෑතක සිට භූමිකපා සුලබව වාර්තාවන බැවින් සුනාමි කුළුණුවල ක්‍රියාකාරීත්වය තහවුරු කිරිම වැදගත් බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *