නතාෂාගේ මෝඩාභිමානී නැරඹුවන් පසුපස සී.අයි.ඩිය ලුහුබඳී

දැනට අත් අඩංගුවේ පසුවන නතාෂා එදිරිසූරිය විසින් පවත්වනු ලැබූ මෝඩාභිමානී නම් ප්‍රහසන ප්‍රසංගය නැරඹීමට පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා තිබේ.

ඇය එම ප්‍රසංගයේදී ඇය විසින් විසින් බුදුන්ට අපහාස කරනලද බව පාර්ශව කිහිපයක් විසින් පොලිසියට පමිණිළි ඉදිරිපත්කර තිබුනි. පසුව ඇය විදෙස් ගතවීමට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනා ලදි. ඇය මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් සයිබර් අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *