දින හතරේ වැඩ සතියක් හඳුන්වාදීමට යයි. ඉතිරි දින තුනම නිවාඩු

දැනට ක්‍රියාත්මක දින 5 වැඩ සතිය ඉවත්කර දින 4 ක වැඩ සතියක් හඳුන්වාදීමට රජය සුදානම් වන බව නිදහස් වෙළෙඳ කළාප හා පොදු සේවක සංගමයේ සමලේකම් ඇන්ටන් මාකස් පවසයි.

එම ක්‍රමය යටතේ ඉතිටි දින 3 වැටුප් රහිත නිවාඩු දින බවට පත් කිරීමට ආණ්ඩුව යෝජනා කර ඇති බව ඔහු පවසයි.රටට ආයෝජකයන් දිරිගන්වන බව පවසමින් කම්කරුවන් මෙතෙක් දිනාගත් සියළු වරප්‍රසාද අහෝසි කිරිම ආණ්ඩුවේ උත්සහය බවත්, එය පරාජය කිරීමට සියළු දෙනා එක් විය යුතු බවත් ඔහු පැවසීය.

එමෙන්ම ඉදිරියෙදී දැනට ක්‍රියත්මක පැය 8 ක සේවා මුරය ඉවත් කර පැය 12 ක නව සේවාමුරයක් හඳුන්වා දීමේ සූදානමක්ද පවතින බව ඔහු වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *