දැඩි උණුසුම නිසා එප්පාවල දෙදෙනෙක් මරුට

මේ දිනවල පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය නිසා තාප කම්පන තත්ත්වයට පත්වූ පුද්ගලයන් දෙදෙනෙක් මියගිය බව වාර්තා වේ. මේ පුද්ගලයන් දෙදෙනාම එප්පාවල ප්‍රදේශයේ පදිචි කරුවන් වෙයි.

මටණයට පත් එක පුද්ගලයෙක් අවුරුදු උත්සවය කඹ ඇදීමේ තරගය තෙහෙට්ටුවට පත්ව අයිස් වතුර හිසට වත් කර ගැනීමෙන් පසු මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා තම කුඹුරේ තණකොළ කැපීමට ගොස් අව්රශ්මියේ සිට දිය නෑමෙන් පසුව මියගොස් ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණවලදී තහවුරුව ඇත්තේ අධික උෂ්ණත්වය නිසා තාප කම්පන තත්වයකට පත්වීම මෙම මරණ සඳහා හේතුව බවය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *