දවස් පහක් බැංකු වහන්නට හේතුව මහ බැංකු අධිපති හෙළිකරයි.

ජුනි 29 වනදා සිට ජුලි 03 වනදා දක්වා දීර්ඝ බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත්කෙරුණේ මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කාලය ලබාගැනීමට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය .

දීර්ඝ බැංකු නිවාඩුවක් ක්‍රියාත්මක වුවද එම කාලසීමාව තුළ මාර්ග ගත සහ අන්තර්ජාලය ඔස්සේ සිදුකරනු ලබන බැංකු ගණුදෙනුවලට බලපෑමක් ඇති නොවන බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය තුළ දී මෙරට කිසිදු බැංකුවක කිසිදු තැන්පතුවකට හානියක් නොවනා බවත් මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පැවසීය.

අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහබැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළේය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *