තහනම් ගහේ ගෙඩි කන්න ගිහින් මෝල්ගහෙන් පහර කෑ OICට අසාධ්‍යයි

අනියම් බිරිඳ හමුවීමට ගොස් සිටිය දී අනියම් බිරිඳගේ සැමියා විසින් සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ පදියතලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ තත්ත්වය බරපතල බව වාර්තා වෙනවා.

සැමියා නිවසේ නැතැයි සිතා සිය අනියම් බිරිඳ හමුවීමට ගොස් සිටිය දී, දැනුම් දීමකින් තොරව නිවසට පැමිණි සැමියා, මොවුන් දෙදෙනාගේ අනියම් ඇසුර දැක මෝල්ගසකින් මෙම පහර දීම සිදුකර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා (04) අලුයම 2ට පමණ පදියතලාව, සරණගම ප්‍රදේශයේ නිවසක් තුළ දී පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පහර කෑමට ලක්ව ඇති අතර එම පහර දීමෙන් පොලිස් ස්ථානාධිපතිවරයාගේ හිසට බරපතල තුවාල සිදු වී තිබෙනවා.

පහර කෑමට ලක් වූ පොලිස් ස්ථානාධිපතිවරයා සිහිසුන්ව එම ස්ථානයේ ඇදවැටී ඇති අතර සැමියා විසින් තිස්දෙහැවිරිදි බිරිඳට ද පහර දී බරපතල තුවාල සිදුකර තිබෙනවා.

ප්‍රදේශවාසීන් විසින් ඔවුන් දෙදෙනා පදියතලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණය මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

පොලිස් ස්ථානාධිපතිවරයාගේ තත්ත්වය බරපතල බැවින් ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

සිදුවීමට සම්බන්ධ සැකකාර සැමියා මාණික්කකන්ද යුද හමුදා කදවුරේ සේවය කළ හතළිස් හතර හැවිරිදි යුද හමුදා ලාන්ස් කෝප්‍රල්වරයෙක් වන අතර පහර දීමෙන් පසු ඔහු මහියංගණය පොලිසියට භාර වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!