තවත් පොදු අපේක්ෂකයෙක්

ජනාධිපතිවරණයක දී රටේ සියලු ජනතාව නියෝජනය වන විපක්ෂයක් විසින් ජනාධිපති පොදු අපේක්ෂකයා වශයෙන් තමන්ට ඉදිරිපත් වන්නැයි ආරාධනා කළහොත් ඒ පිළිබඳව සිතා බැලිය හැකි බව ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසනවා.

නමුත් දෙමළ ජනතාව පාර්ශ්වයෙන් පමණක් ජනාධිපති පොදු අපේක්ෂකයෙකු වශයෙන් තමන් කිසිදු අවස්ථාවක ඉදිරිපත් නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

දෙමළ ජනතාව පාර්ශ්වයෙන් එළඹෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වන්නැයි සුමන්තිරන් මහතාගෙන් ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කර තිබූ ඉල්ලීම පිළිබඳව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

දෙමළ ජනතාවට ඔවුන්ටම අනන්‍යවූ අභිලාෂ ඇති බව ලෝකයට හුවා දැක්වීමට එළඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාව පාර්ශ්වයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි කරනු ලබන යෝජනාව සම්බන්ධයෙන් තමන් එකඟ නොවන බවද හෙතෙම සඳහන් කළා.

දෙමළ පොදු අපේක්ෂකයෙකු පිළිබඳව තීරණය කිරීමට හදිසි නොවන්නැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ප්‍රකාශ කර ඇති බව පැවසූ සුමන්තිරන් මහතා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බව ද දන්වා සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!