තමිල්නාඩු මහ ඇමතිට ජනාධිපති අනුරගෙන් සුබ පැතුම් .

තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබ පැතුම් එක් කර තිබේ.

X සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව සහ තමිල්නාඩුව අතර ඓතිහාසික, සංස්කෘතික සහ ව්‍යවසාය සහ පාරම්පරික සබඳතාවලින් බැඳි ඇති බවය. ශක්තිමත් ඉන්දු – ලංකා හවුල්කාරිත්වය තුළ, වැඩි සමෘද්ධියක් සහ ප්‍රගතියක් සඳහා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කරයි.