”ණය ගෙව්වාට පස්සේ බදු කැපෙන්න මගේ පඩියත් මදි.” වරාය යූනියන් ලොක්කේක් කියයි

රජය විසින් පනවා ඇති ආදායම් බද්ද කැපී ගිය පසු තමන් විසින් බැංකුවට තවත් රුපියල් 2000 ක මුදලක් ගෙවිය යුතු බව සමස්ත ලංකා වරාය පොදු සහිත සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකාන සඳහන් කරයි.

දැනට රුපියල් 120,200ක වැටුපක් තමා ලබනා මුත් එම වැටුපෙන් තමන් ණය හතරක් ලබාගෙන ඇති බව පැවසූ ඔහු බදු කැපුණු පසු හිඟ ණය වාරික සඳහා තමාට තවත් රුපියල් 2000ල් අතින් බැංකුවට ගෙවීමට සිදුවන බව පැවසීය.

වරාය සේවකයෙකු රුපියල් එක් ලක්ෂ හැත්තෑ එක් දහසක වැටුපක් ලබා ගන්නා බවට වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඔහු මාධ්‍ය වෙත මෙම අදහස් පළ කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *