ටෙස්ලාට අභියෝග කරන්න චීනය හඳුන්වාදුන් නවතම මෝටර් රථය

චීන‍යේ ඉලෙක්ට්‍රොනික් වාහන නිෂ්පාදකයෙකු වන නියෝ සමාගම, අඩු මිලක් සහිත වාහන සන්නාමයක් වන ඔන්වෝ (Onvo) හි පළමු මෝටර් රථය නිරාවරණය කර තිබේ.

විශේෂඥ‍යන් පෙන්වාදෙන්නේ මෙම නව හඳුන්වාදීම ටෙස්ලා (Tesla) සමාගමේ වැඩියෙන්ම අලෙවි වන මෝටර් රථයට සෘජු අභියෝගයක් වන බවයි.

මෙම මෝටර් රථයේ මිල ගණන් යුවාන් 219,900 (ඩොලර් 30,465, £ 23,990) සිට ආරම්භ වනවා.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් චීනයෙන් විදුලි මෝටර් රථ සඳහා ආනයන බද්ද හතර ගුණයකින් වැඩි කරන බව නිවේදනය කළ සතියේම මෙම නව මෝ‍ටර් රථය හඳුන්වාදීම සුවිශේෂී වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!