ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමේ සිය අභිලාෂයට එරෙහි වූ යුරෝපා ජාතීන්ට එරෙහිව පැනවීමට නියමිතව තිබූ තීරුබදු සැලසුම අත්හිටුවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇති බව වාර්තා වේ .
නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ පැවැත්වූ ඵලදායී සාකච්ඡාවකින් අනතුරුව තමා මේ තීරණයට එළඹි බව ඇමරිකානු ජනාධිපතිවරයා සිය ‘Truth’ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි .
එහිදී ග්‍රීන්ලන්තය සහ සමස්ත ආක්ටික් කළාපයේ අනාගතය පිළිබඳ විශේෂ සැලසුමක් සකස් කළ බවත්, ඒ අනුව එළැඹෙන පෙබරවාරි 01 වැනිදා සිට පැනවීමට තිබූ 10%ක නව තීරුබද්ද ක්‍රියාත්මක නොවන බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි .
තීරුබදු ඉවත් කළද, ‘ගෝල්ඩන් ඩෝම්’ මිසයිල ආරක්ෂක පද්ධතිය සම්බන්ධයෙන් අතිරේක සාකච්ඡා තවදුරටත් සිදුවන බවද ඔහු සඳහන් කර ඇත