යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන් මේ වසරේදීත් හෙට (19) පැවැත්වීමට නියමිතය .
මෙම උත්සවය බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිත බවත් එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවනු ඇති බවත් රණවිරු සේවා අධිකාරිය සදහන් කරයි .
මෙවර සැමරුම් උත්සවය සඳහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන පැවසීය .