චීනයේ විරෝධය නොතකා තායිවාන ජනපතිනිය අමෙරිකාවට

තායිවාන ජනාධිපති සායි ඉන් වෙන්, සිය අමෙරිකානු සංචාරය ආරම්භ කරමින් නිව්යෝර්ක් නුවරට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය මෙලෙස අමෙරිකාවට පැමිණ සිටින්නේ චීනයේ දැඩි විරෝධය හා අනතුරු ඇගවීම් මධ්‍යයේ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අමෙරිකාවේ හා තායිවානයේ මෙම ක්‍රියාකලාපය බරපතල ප්‍රතිවිපාක ඇතිකර දෙනු ඇති බවයි චීනය අනතුරු අගවා ඇත.

එමෙන්ම තායිවාන ජනාධිපති සායි ඉන් වෙන්, සිය අමෙරිකානු සංචාරයේදී එරට කථානායක කෙවින් මැකාති හමුනොවිය යුතු බව ද චීනයට පවසා ඇති බවත් සිය විරෝධය මධ්‍යයේ එවැනි හමුවීම් ඔස්සේ ඉදිරියට යන්නේ නම් එය බරපතල ගැටුමකට තුඩු දිය හැකි බවට චීනය අනතුරු අගවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *