චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීම කල් යයි.

චාල්ස් රජුගේ රුව සහිත නව මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම එංගලන්ත බැංකුව විසින් ආරම්භ කර තිබේ. නමුත් පවුම් 5, 10, 15 සහ 20 යන වටිනාකම්වලින් යුත් නව නෝට්ටු 2024 මැද භාගය වන තෙක් සංසරණයට නිකුත් කිරීමට සැලසුම් කර නොමැති බව එක්සත් රාජධානියේ මාධ්‍ය වාර්තා කරයි.

නව නෝට්ටු හඳුනා ගැනීම සඳහා ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ බැංකු මුදල් කවුන්ටර වැනි මුදල් පරිලෝකනය කරන සියලුම වර්ගයේ යන්ත්‍ර නැවත ක්‍රමාංකනය කිරීම ප්‍රමාදයට හේතුව බව එරට රජය පවසයි.

කෙසේ වෙතත්, නව පැන්ස 50 කාසිය නෝට්ටුවලට මාස කිහිපයකට පෙර නිකුත් කිරීමට සැලසුම් කර ඇත, එලිසබෙත් රැජින ඇතුළත් කාසි තොග සියල්ල මහජන සංසරණයෙන් ඉවත් වන තෙක් මෙම සැලසුම ක්‍රියාත්මක කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *