ගීතයක නෛතික අයිතිය හා ආර්ථික අයිතිය ගායක ගායිකාවන්ට ලබාදෙන ලෙස සහ අදාළ නීති සංශෝධනය කරදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කළබව ගායක ගායිකා සංගමය පවසයි .
එහිදී අදහස් දැක්වූ ප්රවීන ගායන ශිල්පී ජගත් වික්රමසිංහ පවසූවේ එතුවක් පැවති නීතිය 2003 වසරේදි සංශෝධනය කර අති බවත් එම අවස්ථාවට ප්රසිද්ධ, ප්රවිණ, ගායන ශිල්පීන් තිදෙනෙක් හෝ සහභාගී වී නොමැති බව තමාට දැනගන්නට ලැබී තිබූ බවය.
පද රචකයා සහ තනු රචකයාට පමණක් ආර්ථික සහ නෛතික අයිතිය හිමි වන ආකාරයට මෙම පනත සම්මත කර ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය .
ශ්රී ලාංකීය ගායක ගායිකා සංගමය විසින් කොළඹ මහ නගර සභා පරිශ්රයේ පිහිටි සපිරි පියස ශ්රවණාගාරයේදී සංවිධානය කළ ප්රවෘත්ති සාකච්ඡාව ඔහු මේ බව පැවසීය .