ලංකාවේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක පැවසීය .
එහෙත් ගම්පහ ප්‍රදේශයේ ජනතාව පිස්සු නටන බවත්, එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ කරු ජයසුරියට වඩා උපේක්ෂා ස්වර්ණමාලිට ගම්පහින් මනාප තිබුණු බවත් මන්ත්‍රිවරයා එහිදි අවධාරණය කළේය.
තවත් අවස්ථාවක රාජිත සේනාරත්නගේ පුතා වන චතුර සේනාරත්න පාර්ලිමේන්තු යැවු බවද ඔහු පෙන්වාදුන්නේය.
රන්ජන් රාමනායක ඇඟ පෙන්වු නිසා ගම්පහ ජනතාව ඔහුව පාර්ලිමේන්තු යැවු බව පැවසු චාමර සම්පත්, තමාද ගම්පහින් ඡන්ද ඉල්ලුවහොත් පාර්ලිමේන්තුවට යා හැකි බව සඳහන් කළේය .
කෙසේ වෙතත් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩ කරන්න පුලුවන් දේශපාලන නායකයින් සිටින බවත්, ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂය ගම්පහ බවත් ඔහු පැවසුවා. ඔහු පැවසුවේ එසේ ඊයේ (25) පැවති සාකච්ඡාවක් අතරතුරදි.