කොන්දොස්තරලාගේ වංචා මඩින්න්ට බස් රථවලටත් QR තාක්ෂණ‍ය

ඇතැම් පළාත්වල බස් රථ රියදුරු මහතුන් සහ කොන්දොස්තර මහතුන් නියමිත මගී ප්‍රවේශපත්‍ර ගාස්තු ඩිපෝවට භාර නොදෙන බවත්, නියමිත මිලට මගීනට ප්‍රවෙශපත්‍ර නිකුත් නොකරන බවටත් පැමිණිළි ලැබෙමින් පවතින බැවින් බස් රථ සඳහා QR තාක්ෂණ‍ය හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පවසයි.

ඊට විසඳුමක් ලෙස මුදල් භාවිතා නොවන QR තාක්ෂණික ක්‍රමවේදය හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මුදල් භාවිතයෙන් තොරව බස් හා දුම්රිය ටිකට්පත් QR තාක්ෂණය හරහා තමන්ටම ලබාගත හැකි ක්‍රමවේදය මේ වසර තුළදී හඳුන්වාදෙන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන අවධාරණය කළේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *