කරදියාන කුණු කන්ද ගිනිගනී . විෂ දුමකින් අවට වැසී යයි .

පිළියන්දල කරදියාන ප්‍රදේශයේ පිහිටි අපද්‍රව්‍ය කළමනාකරණ ස්ථානයේ අද සවස හදිසි ගින්නක් ඇතිවූ ගින්න පාලනය කිරීමට මොරටුව ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ ඒකකය සහ පිළියන්දල පොලිසිය දඩි උත්සහයක් ගත්තද තවමත් ගින්න මුළුමනින්ම නිසා දැමීමට හැකිව නැති බව අප වාර්ථාකරුවෝ පවසති .

ගින්න නිසා පැතිරුන ඝන දුමාරයකින් අවට ප්‍රදේශ වැසී ඇති බවත් , එම දුමාරයේ විෂ සහිත ද්‍රව්‍ය අඩංගු විය හැකි බවත් පොලිසිය අනතුරු අඟවයි . ඒ අනුව කසළ රැඳවුම අසළ ඇති අතුරු මාර්ග භාවිතා කිරීමෙන් වළකින ලෙසත්, විකල්ප මාර්ග භාවෛතකරනා ලෙසත් පොලිසිය මහජනයාගෙන් ඉල්ල සිටී . විෂ දුම ආශ්වාස කිරීමෙන් ශ්වසන අපහසුතා වළක්වා ගැනීම සඳහා මුහුණු ආවරණ පළදින ලෙස පොලිසිය මහජනයාගෙන් ඉල්ලා සිටී . .