ඕස්ට්‍රේලියාවේදී කාර් මික දෝෂයකට ලක්වූ ශ්‍රී ලංකන් යානය අද දිවයිනට.

යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරට පැය 30ක් ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 605 දරන ගුවන් යානය අද උදෑසන 9.30 ට ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා පවසයි.

යානයේ කාර්මික දෝෂය අළුත්වැඩියා කරනු වස් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරුවන් 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසු ගිය අප්‍රේල් 15 රාත්‍රියේ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත පිටත්ව ගිය බවත් ඔවුන් සාර්ථකව අළුත්වැඩියාවන් නිමකර ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

ඒ අනුව ඊයේ අලුයම 12.30 ට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානය මගීන් 300 ක් සමඟ අද පෙරවරු 09.30 ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *