උතුරට කෝච්චිපාර හැදුවාට ධාවනය කරන්න එන්ජින් නෑ

දුම්රිය අලුත්වැඩියාවන් සඳහා අත්‍යාවශ්‍ය අමතර කොටස්වල හිඟය පිළිබඳව මෙන්ම නිසි කලමණාකාරීත්වයක් නොමැති වීම පිළිබදව නිරන්තරයෙන් වත්මන් රජය දැනුවත් කළද, ඒ පිළිබද කිසිදු පියවරක් හෝ ප්‍රතිචාරයක් ඇමතිවරයා නොදක්වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි .

දුම්රිය මාර්ග නඩත්තුව මෙන්ම දුම්රිය එන්ජින් පිළිබදව ප්‍රශ්නගත තත්වයක් ඇති බවත් උතුරු දුම්රිය මාර්ගයෙහි සංවර්ධන කරයුතු මේ වන විට අවසන් වුවද යාල් දේවී දුම්රිය මෙන්ම උත්තර දේවී දුම්රිය ධාවනය කරගත නොහැකි වී අත්තේ ප්‍රමානවත් තරම් දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල සතුනොවීම නිස බවත් එම සංගමය පෙන්වාදෙයි .