ඉරාන උත්තරීතර නායකයාගේ ගැන නිවැරදි ඔත්තුවකට ඩොලර් මිලියන 10 ත්‍යාගයක් .

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ඇතුළු ජ්‍යෙෂ්ඨ IRGC හමුදා සහ බුද්ධි නිලධාරීන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබාදෙන අයෙක් හට ඩොලර් මිලියන 10 ක් දක්වා ත්‍යාගයක් පිරිනමනා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය වෙබ් අඩවියේ දැන්වීමක් පලකර ඇත .

IRGC බලකාය යනු 1979 ඉරානයේ ඉස්ලාමීය විප්ලවයෙන් පසුව නිර්මාණය කරන ලද හමුදා ඒකකයකි . එහි ප්‍රධාන රාජකාරිය ඉස්ලාමීය ජනරජයේ උත්තරීතර නායකයා ඇතුළු පූජක පරිපාලන ඒකකය ආරක්ෂා කිරීමය .

ඇමරිකානු රාජ්‍ය දෙපාතමේන්තුව විසින් නම්කර ඇති ඉරාන නායකයා ඇතුළු දස දෙනෙකුගෙන් යුත් පිරිස ලෝපුරා ත්‍රස්තවාදී ක්‍රියා සැළසුම් කරනා කණ්ඩයම බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය නිවේදනයේ සඳහන් කර ඇත .