ඉරානය සිය නව අධ්‍යාත්මික නායකයා පත්කරගනී .

ඉරානය සිය අධ්‍යාත්මික නායකයා ලෙස හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්තාබා කමේනි තෝරගෙන ඇත.

හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේයිනි එරෙහිව එක්සත් ජනපදය එල්ල කළ පළමු ප්‍රහාරයෙන්ම මියගිය අතර නව අධ්‍යාත්මික නායකයා ඊයේ නිළවශයෙන් නිවේදනය කරනා ලදි .

දැඩි මතධාරී ෂියා පූජකවරයෙක් වන මොජ්තාබා කමේනි 56 හැවිරිදි වියේ පසුවෙයි . ඔහුගේ මව, පියා, බිරිඳ සහ සහෝදරියක් ද ඇමරිකානු ප්‍රහාරයන්ගෙන් මිය ගිය අතර වෙනත් ස්ථානයක රැඳී සිටීම හේතුවෙන් මොජ්තාබා කමේනිගේ දිවි සුරැකුන බව වාර්තා වේ .