ඇතැම් ස්ථානවල මි.මී.100ක පමණ තද වැසි

අද (16) දිනයේ දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් දැනුම් දෙන්නේ.

බස්නාහිර,දකුණු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි.