ඇඟළුම් අපනයන ආදායම පහළට, විදෙස් ප්‍රේෂණ ඉහළට

ඇඟලුම් අපනයන ආදායම් සැලැකිය යුතු ලෙස පහළ යාමත් සමඟ 2023 පෙබරවාරි මාසයේ දී කාර්මික භාණ්ඩ අපනයන ආදායම, 2022 වසරේ පෙබරවාරි මාසයට වඩා පහළ ගොස් ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

ගෝලීය වශයෙන් පැවැති අහිතකර ආර්ථික තත්ත්වයන් හේතුවෙන් ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන වෙළෙඳපොළවල ඉල්ලුම පහත වැටීම ඊට ප්‍රධාන හේතුවක්ව ඇති බව එම වාර්තාවේ දැක්වෙයි.

2023 වසරේ පෙබරවාරි මාසයේ දී විදේශ රැකියා සඳහා පුද්ගලයින් 23,974ක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පවසයි . 2022 වසරේ පෙබරවාරි මාසයේ මෙරට ලැබුන විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 205 ක් නමුත් 2023 වසරේ පෙබරවාරි මාසයේ දී එය ඩොලර් මිලියන 407 දක්වා ඉහළ ගොස් ඇති බව එම වාර්තව වැඩි දුරටත් පවසයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *