අනුලා රත්නායකට ඊශ්‍රායල් රජය සලකන්නේ යුද්ධයෙන් මියගිය වීරව‍රියක් ලෙසයි.
ඇමති මනුෂ නනායක්කාර කියයි

ඊශ්‍රායලයේ දී මිය ගිය සාත්තු සේවිකවක් වන අනුලා රත්නායකගේ දේහයට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අද දහවල්, ඊරියවැටියේ නිවසට පැමිණ අනුලාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

එහි දී මාධ්‍යයට අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අනුලා රත්නායක තම රාජකාරිය නිසිපරිදි ඉටුකරපු සාත්තුසේවිකාවක්. මා අද අපේ රජයේත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ඊශ්‍රායල් රජයේත් ශෝකය අනුලාගේ පව්ලේ ඥාතීන් වෙත පල කළා . අනුලාට හිමිවිය යුතු සියළුම වංදිමුදල් ඒ අයුරින්ම ලබා දීමට ක්‍රියාකරනවා. ඊශ්‍රායලයේ සේවයේ නිරත අපේ ශ්‍රමිකයන්ට එරට සිටීම අණතුරුදායක නම් ඕනැම අවස්ථාවක,අපි ඔවුන් මව්බිමට ගෙන්වා ගන්න සූදානම් .නමුත් මෙතෙක් කිසිම කෙනෙක් ආපසු ඒමට කැමැත්ත පළකර ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කර නැහැ.

යුද්ධය පවතින ප්‍රදේශ වල සිටින පිරිස ආරක්ෂිත ස්ථාන වල සිටින බවට තොරතුරු ලැබෙනවා .නමුත් ඊශ්‍රායලය පමණක් නෙවි ඒ අසල තිබෙන රටවල සේවයේ නිරත ලාංකික ශ්‍රමිකයන්ට පවා යුද්ධයෙන් අණතුරුදායක බවක් තිබේනම් අපි ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියළුම කටයුතු සූදානම් කර තිබෙනවා. ඊශ්‍රායලයේ නෙවි ලෝකයේ කුමන රටක හිටියත් මරණය අපි කරා එන්නේ ඒ අපි ගෙනා ආයුෂ අනුවයි.අපි පලස්තීනය පැත්තෙත් නෙවි ඊශ්‍රායලය පැත්තෙත් නෙවි මධ්‍යස්ථ ප්‍රතිඵත්තියක් අනුව අපේ රට වැඩ කරන්නෙ. අපි යුද්ධයට අකමැති යි.

මේ වන විට ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින ලාංකිකයන්ට වීසා දීම නම් මා අනුමත කරන්නෙ නැහැ. මා ඒ පුවත මාධ්‍ය වලින් ප්‍රචාරය වනවා දැක්කා. ලංකාවේ ජීවත්වෙන්න බෑ කියලා මේ රටින් ගිහින් ඒ රටේ නීතිවිරෝධී අන්දමින් රැදී සිටි අයට විසා දීම නීතිවිරෝධීයි. අපි නඩු දමා තිබෙන නීතිවිරෝධී ශ්‍රමිකයන්ට එරට තානාපති තුමා මැදිහත්වී වීසා ලබාදීම මා නම් අනුමත කරන්නේ නැහැ

අනුලා රත්නායක ඒ රටේ යුද්ධයෙන් මියගිය වීරව‍රියක් ලෙස ඔවුන් සලකන්නේ. දෙරටක ජාතික ධජවලින් ආවරණය කර සේවය කරපු රටේ වීරවරියක් ලෙස නම්කරමින් ගෞවාචාර දක්වා මෙරටට මෘතදේහය එව්ව පලමු කාන්තාව අනුලායි. 

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *