අද ප්‍රදේශ රැසකට තද වැසි

අද (08) දිනයේ දී ලංකාවට බලපාන ලබන කාලගුණ වාර්තාව කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇත. එය පහත පරිදි වේ.

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරමදිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැක. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (08) දහවල් 12:12 ට බෙම්මුල්ල, තිහාරිය, පුපුරැස්ස, තෙරිපැහැ, වඩිනාගල සහ තිරුක්කෝවිල් යන ප්‍රදේශ වලට හිරු මුදුන් වනු ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *