ලෝක වෙළඳපොළේ සහ මෙරට වෙළඳපොළේ ඉන්ධන මිල අතර පරතරය අවම කර ගැනීමට රජය උත්සාහ ගනිමින් සිටින බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රුවන් මාපලගම පැවසීය .
එහෙත් මේ වන විට රජය ඩිසල් ලීටරයක් සඳහාම රු. 100කද පෙට්රල් ලීටරයක් සඳහා රු. 20කද වියදමක් දරන බව ඔහු සඳහන් කළේය . එසේම ඉන්ධන සැපයුම් සමාගම්ද යම් කොටසක් දරා ගන්නා බවත් අකමැත්තෙන් වුවත් කොටසක් ජනතාව මත පැටවීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය