අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් 11 දෙනෙක් මරුට . තුනක් අතුරු දහන්.

ඊයේ පස්වරුවේ අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ ”මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ හටගත් ගින්නෙන් පුද්ගලයින් අතරින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව හොරණ පොලීසිය පවසයි.

මියගිය පිරිසෙන් 10 දෙනෙක් එම ස්ථානයේදීම මියගොස් ඇත. බරපතල පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගතකළ තවත් පුද්ගලයෙක් එහිදී මියගොස් ඇත . තුවාල ලැබු 7 දෙනෙකු හොරණ දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

වෙන විට මුළුමනින්ම පාලනය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි . ගින්න නිවා දමීම සඳහා හොරණ, මිල්ලනිය, ඉංගිරිය, අඟුරුවාතොට පොලිස් ස්ථාන, හොරන නාගරික ගිනි නිවන ඒකකය, දොඹගොඩ හමුදා කඳවුර සහ ප්‍රදේශවාසීන් ගේ දායකත්ත්වය හිමිවූ බව එම ආරංචි මාර්ග පවසයි .

මෙම ගින්න හට ගන්නා අවස්ථාවේ එහි වැඩිහිටියන් 70 කට ආසන්න සංඛ්‍යාවක් නේවාසිකව සිට ඇතිබව වාර්තා වේ. එහි සිටි පුද්ගලයින් 51දෙනෙකු පමණ නිරුපද්‍රිතව බේරාගෙන යාබද පාසැල් ගොඩනැගිලක රඳවා ඇති බව වාර්තා වේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අද (04) පෙරවරුවේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මළ සිරුරු අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව පොලීසිය සඳහන් කළේය.

කෙසේවෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත .