අග්බෝපුර දුම්රිය මාර්ගය යළි යථාතත්වයට

කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේදී දුම්රියක් ඊයේ (07) පිලීපැනීමෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගය අද දිනයේ (08) තව පැය 04කින් පමණ යථාතත්වයට පත් කළහැකි වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ අනතුරට පත් වූ දුම්රිය මේවන විට පීලිගත කර අවසන් බවය.

අද (08) දහවල් වන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්ත්වයට පත්කළ හැකිවනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසීය.

කන්තලේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වෙමින් තිබූ මැදිරි 04කින් යුත් දුම්රියක් ඊයේ (07) දහවල් පීළි පැනීමක් හේතුවෙන් අනතුරට පත්ව පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේය. අනතුරින් දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුව ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *