ෆිට්ච් රේටිංග් NDB බැංකුව පහත දමයි .

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Fitch Ratings Lanka ආයතනය NDB බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම් සහ අනාගත දැක්ම සංශෝධනය කර ඇත. පසුගිය 10 දින නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබේ.

මීට පෙර ‘A(lka)’ මට්ටමේ පැවති NDB බැංකුවේ ජාතික දීර්ඝකාලීන ශ්‍රේණිගත කිරීම (National Long-Term Rating), මෙහිදී ‘A-(lka)’ දක්වා පහළ හෙළා ඇත.

මීට අමතරව, බැංකුවේ අනාගත මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ දැක්ම හෙවත් Outlook තත්ත්වය, මීට පෙර පැවති ‘ස්ථාවර’ (Stable) මට්ටමේ සිට ‘සෘණාත්මක’ (Negative) මට්ටම දක්වා සංශෝධනය කිරීමටද Fitch Ratings ආයතනය කටයුතු කර ඇත.

බැංකුව විසින් නිකුත් කර ඇති Basel III ප්‍රමිතීන්ට අනුකූල ද්විතීයික ණයකර (Basel III-compliant subordinated debentures) සඳහා වන ශ්‍රේණිගත කිරීමද මෙහිදී පහත වැටී ඇත. ඒ අනුව එම ණයකර ශ්‍රේණිගත කිරීම ‘BBB+(lka)’ මට්ටමේ සිට ‘BBB(lka)’ දක්වා සංශෝධනය වී තිබේ.