ළමා පිළිකා රෝගීන් 900 ක් වසරකට ශ්‍රී ලංකාවෙන් හමුවේ

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ද ජාතික පිළිකා මර්ධන වැඩසටහන නිකුත් කළ වාර්තාවකට අනුව වාර්ශිකව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන ළමා පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 900 කට ආසන්නය. උපතේ සිය වයස අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩයේ පිළිකා රෝගීන් ළමා පිළිකා රෝගීන් ලෙස හඳුන්වන බව එම එම වාර්තාව පවසයි.

මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වන ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය ඒකකයේ, විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසනුයේ ළමා පිළිකා රෝගීන් සම්බන්ධයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි.

වාර්ෂිකව පිරිමි ළමුන් 471 දෙනෙක් සහ ගැහැණු ළමුන් 454 වශයෙන් අලුතින් ළමා පිළිකා රෝගීන් හඳුනාගන්න බවත්, බොහෝ ළමා පිළිකා ප්‍රතිකාර මගින් සුව කරගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා පවසයි .

වැඩිහිටියන්ගේ පිළිකා සමග සැසඳීමේදී ළමා පිළිකා 80%ක් 90%ක් සුව කරගැනීමේ හැකියාව තිබෙනවා ඔහු වැඩි දුරටත් පැවසීය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *