හෙට පාසල් නිවාඩු ද? – පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න

දිවයිනේ සියළුම පාසල් හෙට (22) නිවාඩු දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා.

ඒ අනුව දිවයිනේ සියළුම පාසල්වල අධ්‍යාපන කටයුතු සුපුරුදු පරිදි හෙට සිදුකරෙනවා.

නමුත් පවතින තත්ත්වය මත අවස්ථානුකූලව තීරණ ගැනීමට පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බලය පවතින බව ද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.