වෛද්‍යවරුන්ගේ අසාධාරණ ස්ථානමාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (04) පෙරවරු 8.00 සිට යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනය කරයි.
පසුගිය දින කිහිපය තුළද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම ඉල්ලීම් මුල් කරගනිමින් සංකේත වැඩ වර්ජන කිහිපයක්ම ක්‍රියාත්මක කළේය.
පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍යට කරුණු දැක්වූ එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පැවසූවේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝග පරිදි හෙට (04) දහවල් 12.00 ට පෙර සීමාවාසික වෛද්‍යවරුන් රජයේ සේවා පත්වීම් සඳහා අයදුම් නොකරන බවයි.
සීමාවාසික වෛද්‍යවරුන් විවිධ පාර්ශ්වවලින් තර්ජනයට ලක්ව ඇති බවත්, ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබුනද ඒ අනුව පළමු පැමිණිල්ල ඉදිරිපත් කළ යුත්තේ අමාත්‍ය නලින්ද ජයතිස්සට එරෙහිව බවද ඔහු පැවසීය .