හෙට එළිවෙනවිට ඉරානය ලෝක සිතියමෙන් ඉවත්කරන්නට ඇමරිකාව සැරසෙයි.

මුළු මහත් ශිෂ්ටාචාරයක්ම අද රාත්‍රියේ අතුගා දැමීමේ අවදානමක් පවතින බවත්, එය යළි කිසිදා තිබූ තත්ත්වයට පත් නොවනු ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි . ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව පැවස්සූවේ සිය Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ විශේෂ සටහනක් තබමිනි .

එම සටහන මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉරානයේ පාලන තන්ත්‍රය තුළ මේ වන විට සම්පූර්ණ වෙනසක් සිදුවී ඇති බවයි. අන්තවාදී නොවන, බුද්ධිමත් පිරිසක් එරට බලය දිනාගෙන ඇති බැවින් ඉතා ලස්සන විප්ලවීය සිදුවීමක් සිදුවීමට ඉඩ ඇති බව ඔහු පවසනවා.

“ලෝකයේ දිගු මෙන්ම සංකීර්ණ ඉතිහාසයේ වැදගත්ම මොහොතක් අපට අද රාත්‍රියේ දැකගත හැකි වනු ඇතැයි” ඔහු එහි සඳහන් කර තිබෙනවා.

වසර 47ක් පුරා ඉරානය තුළ පැවති කප්පම් ගැනීම්, දූෂණය සහ මරණීය පාලනය අවසානයේ නතර වනු ඇතැයි පවසන ඩොනල්ඩ් ට්‍රම්ප්, “ඉරානයේ උතුම් ජනතාවට දෙවියන්ගේ පිහිටයි!” යනුවෙන් පවසමින් අමරිකානු ජනාධිපතිවරයා සිය සටහන නිමකර ඇත .