හැටන් – කොළඹ මාර්ගය ගිලා බසී ගමනා ගමනය අවදානම්

පසුගිය දින කිහිපයේ අඛණ්ඩව ඇද හැලෙනා වර්ෂාව නිසා කඳුකර මාර්ග බරපතල අවදානමකට ලක්වෙමින් පවති . ඊයේ රත්‍රියේදීද අධික වර්ෂාා නිසා කොළඹ – හැටන් A7 මාර්ගයේ ගිනිගත්හේන හින්දු කෝවිල ආසන්නයේ විශාල ප්‍රදේශයක් ඊයේ පෙරවරුවේ ගිලා බැසීමට ලක්ව ඇතිබව හැටන් පොලිසිය පවසයි

මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සඳහා තනි මංතීරුවක ගමනාගමනයට අවසර ලබාදී ඇති මුත් මීට පෙර ඛාදනයට ලක්ව තිබූ ස්ථානයක ගුහාවක් ඇති වී ඇති බැවින් මෙම මාර්ගය භාවිතා කිරීමේදී සැලකිළිමත්වන ලෙස හැටන් පොලිසිය රියදුරන්ට අවවාද කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *