හාවාඑළියේ පුද්ගලයෙක් අතුරුදහන්

නුවරඑළිය පොලිස් වසමේ හාවාඑළිය ගාඩ් වත්ත රක්ෂිතයට දර සෙවීමට ගිය පුද්ගලයෙක් අතුරුදන් වී ඇතිබව වාර්තා වෙයි. එම පුද්ගලයා නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නුවරඑළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.

ඊයේ (21) නුවරඑළිය පොලීසියේ නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව රක්ෂිතය තුළ කළ සොයා බැලීමකදී අතුරුදන් වූ පුද්ගලයාගේ යැයි සැකකරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වී තිබේ.

අතුරුදන් වූ පුද්ගලයා මෙතෙක් හමුවී නොමැති අතර, නිල සුනඛයින් යොදා ගනිමින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 49ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . දිවයිනේ ප්‍රදේශ කිහිපයකම මේ ආකාරයේ පුද්ගල අතුරුදහන් වීම් පසුගිය කාලයේ වාර්තා විය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *