හකීම්ගේ ප්‍රකාශයට මනුෂගේ දැඩි විරෝධය.

විදේශ රැකියා සඳහා ඊශ‍්‍රායලයට යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එරටදී හමුදා පුහුණුව ලබාදෙමින් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පැවසීය. පාර්ලිමේන්තුව හමුවේ කරුණු දක්වමින් ඔහු අද මේ බව පැවසීය.

ගාසා තීරයේ ගැටුම් ඇරඹුනදා සිට ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ප්‍රදේශ වල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ස්ථානගත කර ඇති බව සඳහන් කළ ඔහු හමුදා පුහුණුව අඛණ්ඩව ලබාදෙන බවර වාර්තා ලැබෙමින් පවතින බව සඳහන් කළේය.

කෙසේවෙතත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර එම චෝදනාවට එරෙහිව කරුණු දක්වමින් රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩිව ප්‍රතික්ෂේප කළේය.
ශ‍්‍රී ලාංකිකයන්ට හමුදා පුහුණුවක් ලබා නොදෙන බවද පැවසූ ඔහු වගකීම් විරහිත ප්‍රකාශ හරහා රාජතාන්ත්‍රික සබඳතා වලට බාධා නොකළ යුතු බවද කියා සිටියේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!