ආපදා හේතුවෙන් නිවාස අහිමිවූ ගොවියන්ට වෙනත් ඉඩමක් නොමැති අවස්ථාවක පමණක් නව නිවසක් ඉදි කර ගැනීම සඳහා සිය කුඹුරෙන් පර්චස් 10 කොටසක් ගොඩ කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දෙන බව එහි මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ පවසයි.
කුඹුරු ඉඩම් ගොඩ කිරීම සම්පූර්ණයෙන් තහනම් කොට ඇති නමුත් සිය නිවස සම්පූර්ණයෙන් විනාශ වීම සහ ඔහුට වෙනත් ඉඩමක් ද නොමැති නම් පමණක් මෙම අනුමැතිය හිමිවන බව ඔහු පැවසීය .
ඒ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තාව, ඉඩමක් නොමැති බවට ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් සහතිකය අවශ්‍ය වන බවත්, අයදුම්පත සහිත අදාල ලිපි ලේඛණ ඉදිරිපත් කළ පසු උපරිම මාස 03ක කාලයක් තුළදී මෙම අනුමැතිය ලබා දෙන බවත් නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ ප්‍රකාශ කළේය. මෙලෙස නව නිවසක් ඉදිකර ගැනීම සඳහා ගොඩකළ හැක්කේ පර්චස් 10 ක බිම් කොටසක් පමණක් බවත් ඔහු පැවසීය .
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී නියෝජ්‍ය කොමසාරිස්වරයා මේ බව පැවසීය
නදීක දයා බණ්ඩාර – මහනුවර සිට .